ඉදිරි වැඩ පිළිවෙල
බණ්ඩාරගම ආසනයේ දිළිඳු අඩු ආදායම් ලාභී දහම්පාසල් දරුවන් සඳහා පොත් 10000ක් ලබාදීමේ මහා ප්‍රජා සත්කාරය
මහේෂ් කොතලාවල පදනම මගින් දියත් කර ඇති සිසු දිරිය වැඩසටහන යටතේ බණ්ඩාරගම ආසනය ඇතුලත පිහිටි විහාරස්ඨාන 85 සඳහා එක විහාරස්ථානයකට පොත් කට්ටල 20 බැගින් ලබා දීමට කටයුතු කිරීම. මෙම පොත් කට්ටල 20 අදාළ විහාරස්ථානදහම්පාසලේ ධර්ම විනය ඉගෙනගන්නා ඉතා දක්ෂ අඩු ආදායම් ලභී පවුල් 20 ක දරුවන් 20 දෙනෙකුට ලබා දීම අපගේ බලාපොරොත්තුව වන අතර විහාරාධිකාරී හිමියන්ගේ පූර්ණ අනුසාසකත්වය මත සිසු දරුවන් 20ක් මේ වැඩසටහන සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තු වේ.
දිළිඳු අඩු ආදායම් ලාභීන් සඳහා හදිසි ශල්‍යකර්ම සඳහා මුදල් යොමු කිරීමේ වැඩසටහන
මහේෂ් කොතලාවල පදනම මගින් දියත් කර ඇති යටතේ අඩු ආදායම් ලාභීන්ගේ ශල්‍යකර්ම කිරීමට වය වන මුදල් ලබා දීම සඳහා දායක වීමට කැමති පින්වතුන් ලංකා බැංකු මහේෂ් කොතලාවල පදනම ගිණුම් අංක 74555798 යන ගිණුමට බර කළ හැක. ආධාර උපකාර අවශ්‍ය පින්වතුන් මහේෂ් කොතලාවල පදනම අමතන්න.
අඩු ආදායම් ලාභීන් සඳහා අස් කණ්නාඩි හා ශ්‍රවන උපකරණ ලබා දීම
මහේෂ් කොතලාවල පදනම මගින් දියත් කර ඇති අඩු ආදායම් ලාභීන් සඳහා ඇස් කණ්නාඩි ලබා දීම හා ශ්‍රවන උපකරණ ලබා දීම සඳහා ආධාර කිරීමට කැමති පින්වතුන්ට ඇස් කණ්නාඩි හෝ ශ්‍රවන උපකරණ මහේෂ් කොතලාවල පදනම වෙත ලබා දිය හැක. මුදල් ආධාර ලංකා බැංකු මහේෂ් කොතලාවල පදනම ගිණුම් අංක 74555798 යන ගිණුමට බර කළ හැක. ආධාර උපකාර අවශ්‍ය පින්වතුන් මහේෂ් කොතලාවල පදනම අමතන්න.
No comments:
Post a Comment