කළුතර දිස්ත්‍රික්කය පිළිබඳව තොරතුරු බිඳක්...
ත්‍රී සිංහලයේ මායා රටේ බස්නාහිර පළාතේ පිහිටි කළුතර දිස්ත්‍රික්කය උතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද නැගෙනහිර රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් ඉන්දියන් සාගරයෙන්ද දකුණින් ගාලු දිස්ත්‍රික්කයෙන්ද මායිම් වී ඇත. කාල තිත්ත යන්න කළුතොට බවට පත්වී පසුව කළුතර වූ බව ප්‍රකට කරුණකි.
ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර 1598 කි. 2010 දෙසැම්බර් 31 දිනට මුළු ජනගහනය දළ වශයෙන් 11,35,000කි. කාන්තාවන් 570,841 හා පුරුෂයන් 564,159ක් වෙසෙති. බෞද්ධ, කතෝලික,ක්‍රිස්තියානි,ඉස්ලාම් හා හින්දු ආදී විවිධ ආගම් වලට අයත් මෙන්ම සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , බර්ගර් හා වෙනත් ජාතීන් සාමකාමීව සහජීවනයෙන් යුතුව ජීවත් වෙති.
අතීතයේදී කළුතර දිස්ත්‍රික්කය පළාත් වශයෙන් කොටස් 05 කට බෙදා තිබූ බව කියවේ. ඒවානම් කළුතර තොටමුණ,පානදුර තොටමුණ,නැගෙනහිර පස්දුන් කෝරළය, බටහිර පස්දුන් කෝරළය හා රයිගම් කෝරළය වේ. පරිපාලන වශයෙන් ගත්කළ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14 කට වෙන්වී ඇත. අගලවත්ත , බණ්ඩාරගම , බුලත්සිංහල , බේරුවල , දොඩන්ගොඩ , හොරණ , ඉංගිරිය , කළුතර , මතුගම , මදුරාවල , මිල්ලණිය , පානදුර , පාලින්ද නුවර හා වලල්ලාවිට ඊට අයත් වේ. ග්‍රාම නිලධාරී වසම් 762 ක් හා පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාශ 08 කි. පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 10කි. පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 22 කි. නගර සභා 04ක්ද ප්‍රාදේශීය සභා 12ක් ද පිහිටුවා ඇත. නාගරික මන්ත්‍රීවරුන් 38 ක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 190ක් පත්ව සිටිති. පොලිස් බල ප්‍රදේශ ගණන 20 කි.
පෞරාණික සිද්ධස්ථාන රාශියකට හිමිකම් කියන කළුතර දිස්ත්‍රික්කය ඓතිහාසික වශයෙන්ද ඉතා වැදගත් තැනක් ගනී. සර්වෝදය 18 වන ජාතික දෙශෝදය සභා සම්මේලනය පවත්වන 'පානබුන්න' 'පහන්භුණු දනවුව' යන නම් වලින් පුරාණයේ හැදින්වූ රයිගම් පුරවරයේදී කෝට්ටේ රජකළ 6 වැනි පරාක්‍රමබාහු රජතුමා ප්‍රාදේශීය රජෙකු වශයෙන් අභිෂේක ලබූ බව ප්‍රකටය. වීදාගම රයිගම පුරවරයේ පිහිටි ඓතිහාසික ගමකි. බුදුගුණ අලංකාරය,ලෝවැඩ සඟරාව,හංස සංදේශය හා කවි ලකුණු මිණිමල් වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් වැඩ වාසය කලේ මෙම රයිගම් පුරවරයේ වීම වැදගත් කොට සැලකිය හැකිය. රයිගම බණ්ඩාර නමැති පාලකයා රයිගමට නුදුරු පතහවත්ත නම් ප්‍රදේශයේ පදිංචිව සිය පාලන කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.රයිගම් බණ්ඩාර රජුගේ භාණ්ඩාගාර ගම බණ්ඩාරගම නම් විය.
No comments:
Post a Comment