මහේෂ් කොතලාවල මානව හිතවාදියා
ඈත අතීතයේ සිට ඓතිහාසික පුරවරයක් වන බුදුගුණ අලංකාරය ලෝවැඩ සඟරාව හංස සංදේශය වැනි කාව්‍ය ග්‍රන්ථ කළ වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ වැඩ වාසය කළ රයිගම් බණ්ඩාර රජුගේ භාණ්ඩාගාරය පිහිටුවා තිබු භාණ්ඩාගාර ගම බණ්ඩාරගම යන නාමයට පටබැඳුණු පෞරාණික වැදගත්කම් රැසක් පිරි රයිගම් බණ්ඩාර රජුට හිමුකම් කියන ගම් පියසක් වූ රයිගම් කෝරලයේ බණ්ඩාරගම නමැති සුන්දර ගමෙහි ඉපදී පාරම්පරික අයිතියක් ඇති කොතලාවල , කන්නන්ගර , සමරනායක ප්‍රධාන පාරම්පරික පවුල් තුනෙහි ඥාතීත්වය හිමි පවුලක ඉපදුනු ඒ.ජා.ප.වංශ කතාවේ මුල් පුටු හිමි තමන්ගේ පෞද්ගලික ධනයෙන් කොල්ලුපිටියේ ශ්‍රී කොත තනා සර් ජෝන් කියන නාමය අදටත් පටබැඳුණු සර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන්ගේද උසාවි නියෝගයෙන් පාර්ලිමේන්තු ගිය එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වන එවකට බණ්ඩාරගම ආසන ඒ.ජා.ප. ප්‍රධාන සංවිධායකව සිටි දොන් ජෝර්ජ් කොතලාවල මැතිතුමාගේ පරම්පරාවෙන් පැවත එන දොන් වේලියදාස කොතලාවල වන මාගේ පියා අප රට අධිරාජ්‍යවාදීව පවතී යුගයේ ඇමරිකානු නාවික හමුදාවේද පසුකලෙක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේද එවකට ශ්‍රී ලංකාද්වීපයට ට්‍රැක්ටර් ආනයනය කළ මැසිෆර්ගියුෂන් බ්‍රවුන්ස් සමාගමේ බස්නාහිර පළාතේ එකම ඒජන්ත වරයා ලෙසද පසු කාලීනව කළුතර දිස්ත්‍රික්කයේ හා බණ්ඩාරගම ආසනයේ සමිති සමාගම් රැසක ක්‍රියාකාරී සාමාජිකත්වය දරමින් ග්‍රාමීය ජනතාව හට ඉමහත් සේවයක් ඉටුකළ මාගේ පියා එවකට ඒ.ජා.ප. බණ්ඩාරගම ආසන ප්‍රධාන සංවිධායක වූ අප පරම්පරාවේ ඥාතියෙකු වූ මාගේ පියාගේ කල්‍යාණ මිත්‍ර එවකට පානදුර බණ්ඩාරගම ආසනය වෙනුවෙන් නොකඩවා දෙවරක් පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි බණ්ඩාරගම ගම් කාර්ය සභාව පවතී යුගයේ එහි නොකඩවා අවුරුදු 35ක කාලයක් ජනතා නියෝජිත සභාපතිවරයා ලෙස එවකට කටයුතු කළ දිවංගත දොන් ක්‍රිස්ටෝපර් විජේසිංහ කන්නන්ගර මැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස අවුරුදු 25ක් පමණ ඉතා දීර්ග කාලයක් මාගේ පියා ඉතා සමීප දේශපාලන ක්‍රියාධාමයක යෙදුනු අතර ඔහුගේ බාලපුතණුවන් වන මා බණ්ඩාරගම මාධ්‍ය විද්‍යාලයෙන් මුලික අධයාපනය ලබාගත් පසුව කොළඹ කෙරී විද්‍යාලයෙන්ද පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙසද බණ්ඩාරගම ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේ නවෝද්‍යා දහම්පාසලෙන් මුලික ආගමික අධ්‍යාපනය හදාරා ව්‍යාපාරිකයෙකු ලෙසද අද 2011 මාර්තු මස පවතී පළාත් පාලන මැතිවරණ තරඟබිමේදී දේශපාලනයට පැමිණි මා බණ්ඩාරගම ආසනයේ ජනතාවගේ වැඩිම මනාප ලබාගනිමින් අද බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙසද බණ්ඩාරගම ආසනයේ ආණ්ඩු පක්ෂ/ විපක්ෂ වැඩිම මනාප ලබාගත් ජනතා නියෝජිතයන් අනුපිළිවෙලින් 4 වන ස්ථානයද හිමිකර ගනිමින් කළුතර දිස්ත්‍රික්කය ඇතුලත ඒ.ජා.ප. තුල වැඩිම මනාප ලබාගත් විපක්ෂ නායක වරුන්ගේ 4 වන ස්ථානයද ශ්‍රී ලංකාද්වීපය ඇතුලත ඒ.ජා.ප. වැඩිම මනාප හිමිකරගත් විපක්ෂ නායක වරුන් ගෙන් 5 වන ස්ථානය හිමි වීම.....
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment