බණ්ඩාරගම ආසනයේ අඩු ආදායම් ලාභී පවුල් 200ක් සදහා පොත් පත් බෙදා දීමේ උත්සවය

බණ්ඩාරගම නගරය කේන්ද්‍ර කොට ගනිමින් හා රෝටරිගම, වීදාගම, සේරුකාන, සමරනායක පුර, කෙසෙල්හේනාව, මිල්ලණිය, පනාපේ, කොලමැදිරිය, රයිගම් තුඩුව, වෑවිට,

මාර්ග සංවර්ධනයට සහභාගී වෙමින්

පාර්ලිමෙන්ත්රු මන්ත්‍රී අජිත් පී පෙරේරා මැති තුමාගේ 2012 පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලින් වෙන්වූ රුපියල් ලක්ෂයක මුදලින් බණ්ඩාරගම අලුත්ගම ගම්මාන මාවත මාර්ගය පිළිසකර කිරීම.

ඡන්ද ව්‍යාපාරයේ යෙදෙමින් . . .

2011 ප්‍රාදේශීය සභා මැතිවරණය

2011 ප්‍රාදේශීය සභා මැතිවරණ ගීතය

ඒ.ජා.ප.යේ මා හට හිමි වූ පාරම්පරිකත්වය











ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ කළ ගත චායා රූපයකි - 1955


















ඒ.ජා.පක්ෂයට මහඟු සේවයක් කළ සර් ජෝන් කොතලාවල මැතිතුමා තරුණ අවදියේ ගත චායා පිටපතක්














මාගේ පියා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාව - 1946














මාගේ පියා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේ ගත චායා පිටපතක් - 1961







බණ්ඩාරගම නගරයේ පවතී ජන රැලිය - 1940 ඩී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් සර් ජෝන් කොතලාවල මහතා පෙළපාලියෙන් කැඳවාගෙන ඒමේ අවස්තාව






අරලියගහ මන්දිරයේ සිට ගත් චායා පිටපතකි පළමුව මාගේ මවගේ සහෝදර රණසිංහ මහත්මා , දෙවනුව මාගේ පියා වේලියදාස මහත්මා , තෙවනුව එවකට පාර්ලිමේන්තුවේ සිටි කතා නායක සිවු වෙනුව මාගේ පියාගේ සහෝදර රුඋපසිරි කොතලාවල මහත්මා. - 1946






මාගේ පියා වෙලියදාස කොතලාවල මහත්මා සහ බණ්ඩාරගම ආසනයේ එවකට දේශපාලනය කළ ප්‍රධානීන් පිරිසක් අරලියගහ මන්දිරයේදී ගත චායා රූපයක්

















මාගේ පියා වේලියදාස කොතලාවල ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතුව සිටි කාල වකවානුවේ ගත් චායා රූප



















මාගේ පියා වේලියදාස කොතලාවල මහතා 1945 වසරේදී ඇමරිකානු නාවික හමුදාවේ සේවයේ නියුතු කාලයේ ගත් රූප රාමුවකි - 1945/04/20











මාගේ පියා වේලියදාස කොතලාවල මහතා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි කාල වකවානුවේ ගත් චායාරුපයක් -1946




මාගේ පියා වේලියදාස කොතලාවල මහත්මා බ්‍රවුන්ස් ආයතනයෙහි බණ්ඩාරගම ආසන ඒජන්ත වරයෙකු ලෙස ක්‍රියාකළ අවස්ථාවේ ගත් චායාරූපයක්





බණ්ඩාරගම අලුත්ගම ගම්මාන මාවත පිළිසකර කිරීම

                  පාර්ලිමෙන්ත්රු මන්ත්‍රී අජිත් පී පෙරේරා මැති තුමාගේ 2012 පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලින් වෙන්වූ රුපියල් ලක්ෂයක මුදලින් බණ්ඩාරගම අලුත්ගම ගම්මාන මාවත මාර්ගය පිළිසකර කිරීම.







ඇස් කන්නාඩි බෙදා දීමේ ප්‍රජා සත්කාරය

බණ්ඩාරගම ගම් වැසියන් හට ඇස් පරීක්ෂා කොට ඇස් කණ්නාඩි ලබා දීම බණ්ඩාරගම අප නිවසේදී...






ශ්‍රී ශෛලබිම්බාරාමය විහාරස්ථානයේ ධර්මශාලාව පිළිසකර කිරීම

                             බණ්ඩාරගම ආසන ඒ.ජා.ප. ප්‍රශාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ අජිත් පී. පෙරේරා මැතිතුමාගේ ඉල්ලීම පරිදි 2011 වසරේ ජුනි මස 14 වන දින සසුනට අරුණ වැඩසටහන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ජා.ප. නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම ශ්‍රී ශෛලබිම්බාරාමය විහාරස්ථානයේ ධර්මශාලාවේ කානුපද්දතිය නැවත සැකසීම සඳහා රුපියල් 50000/= මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්තාව.




කළුතර දිස්ත්‍රික්කය පිළිබඳව තොරතුරු බිඳක්...

        ත්‍රී සිංහලයේ මායා රටේ බස්නාහිර පළාතේ පිහිටි කළුතර දිස්ත්‍රික්කය උතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද නැගෙනහිර රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් ඉන්දියන් සාගරයෙන්ද දකුණින් ගාලු දිස්ත්‍රික්කයෙන්ද මායිම් වී ඇත. කාල තිත්ත යන්න කළුතොට බවට පත්වී පසුව කළුතර වූ බව ප්‍රකට කරුණකි.

                ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර 1598 කි. 2010 දෙසැම්බර් 31 දිනට මුළු ජනගහනය දළ වශයෙන් 11,35,000කි. කාන්තාවන් 570,841 හා පුරුෂයන් 564,159ක් වෙසෙති.  බෞද්ධ, කතෝලික,ක්‍රිස්තියානි,ඉස්ලාම් හා හින්දු ආදී විවිධ ආගම් වලට අයත් මෙන්ම සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , බර්ගර් හා වෙනත් ජාතීන් සාමකාමීව සහජීවනයෙන් යුතුව ජීවත් වෙති.

         අතීතයේදී කළුතර දිස්ත්‍රික්කය පළාත් වශයෙන් කොටස් 05 කට බෙදා තිබූ බව කියවේ. ඒවානම් කළුතර තොටමුණ,පානදුර තොටමුණ,නැගෙනහිර පස්දුන් කෝරළය, බටහිර පස්දුන් කෝරළය හා රයිගම් කෝරළය වේ. පරිපාලන වශයෙන් ගත්කළ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14 කට වෙන්වී ඇත.  අගලවත්ත , බණ්ඩාරගම , බුලත්සිංහල , බේරුවල , දොඩන්ගොඩ , හොරණ , ඉංගිරිය  , කළුතර , මතුගම , මදුරාවල , මිල්ලණිය , පානදුර , පාලින්ද නුවර හා වලල්ලාවිට ඊට අයත්  වේ. ග්‍රාම නිලධාරී වසම් 762 ක් හා පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාශ 08 කි. පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 10කි. පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 22 කි. නගර සභා 04ක්ද ප්‍රාදේශීය සභා 12ක් ද පිහිටුවා ඇත. නාගරික මන්ත්‍රීවරුන් 38 ක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 190ක් පත්ව සිටිති. පොලිස් බල ප්‍රදේශ ගණන 20 කි.

        පෞරාණික සිද්ධස්ථාන රාශියකට හිමිකම් කියන කළුතර දිස්ත්‍රික්කය ඓතිහාසික වශයෙන්ද ඉතා වැදගත් තැනක් ගනී. සර්වෝදය 18 වන ජාතික දෙශෝදය සභා සම්මේලනය පවත්වන 'පානබුන්න' 'පහන්භුණු දනවුව' යන නම් වලින් පුරාණයේ හැදින්වූ රයිගම් පුරවරයේදී කෝට්ටේ රජකළ 6 වැනි පරාක්‍රමබාහු රජතුමා ප්‍රාදේශීය රජෙකු වශයෙන් අභිෂේක ලබූ බව ප්‍රකටය. වීදාගම රයිගම පුරවරයේ පිහිටි ඓතිහාසික ගමකි. බුදුගුණ අලංකාරය,ලෝවැඩ සඟරාව,හංස සංදේශය හා කවි ලකුණු මිණිමල් වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් වැඩ වාසය කලේ මෙම රයිගම් පුරවරයේ වීම වැදගත් කොට සැලකිය හැකිය. රයිගම බණ්ඩාර නමැති පාලකයා රයිගමට නුදුරු පතහවත්ත නම් ප්‍රදේශයේ පදිංචිව සිය පාලන කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.රයිගම් බණ්ඩාර රජුගේ භාණ්ඩාගාර ගම බණ්ඩාරගම නම් විය.